දැන් ඔබට ජර්මනියෙන් රැකියා ඇබෑර්තුවක් (Job Offer) ලැබෙන තෙක් මඟ බලා සිටිය යුතු නැත!
Back to Articles

දැන් ඔබට ජර්මනියෙන් රැකියා ඇබෑර්තුවක් (Job Offer) ලැබෙන තෙක් මඟ බලා සිටිය යුතු නැත!

25 January 2026

ජර්මනියේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට 2026 වසරේ ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව වන්නේ "Opportunity Card" (Chancenkarte) වැඩසටහනයි.

ජර්මනියේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට 2026 වසරේ ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව වන්නේ "Opportunity Card" (Chancenkarte) වැඩසටහනයි. දැන් ඔබට ජර්මනියෙන් රැකියා ඇබෑර්තුවක් (Job Offer) ලැබෙන තෙක් මඟ බලා සිටිය යුතු නැත!

මෙන්න මෙහි ඇති සුවිශේෂී වාසි කිහිපයක්:

  • වසරක රැඳී සිටීමේ අවසරය: රැකියාවක් සෙවීම සඳහාම වසරක කාලයක් ජර්මනියේ පදිංචි වීමට අවස්ථාව ලැබේ.

  • වැඩ කිරීමට ඇති අවසරය: ඔබ ස්ථිර රැකියාවක් සොයා ගන්නා තෙක් ඔබේ වියදම් පියවා ගැනීමට සතියකට පැය 20ක් ඕනෑම අර්ධකාලීන රැකියාවක නිරත විය හැක.

  • සුදුසුකම්: වසර 2ක වෘත්තීය පුහුණුවක් හෝ පිළිගත් උපාධියක් සමඟ ජර්මන් (A1) හෝ ඉංග්‍රීසි (B2) භාෂා හැකියාව තිබීම ප්‍රමාණවත්ය.

මෙම අවස්ථාව ජර්මනිය විසින් ලබා දෙන්නේ "ලකුණු ක්‍රමයක්" (Points System) පදනම් කරගෙනයි. ඔබේ වයස, පළපුරුද්ද සහ භාෂා හැකියාව අනුව ඔබට හිමිවන ලකුණු සංඛ්‍යාව ගණනය කර ගන්නා නිවැරදි ආකාරය ඔබ දැනගත යුතුය.

එමෙන්ම, 2026 වසරේ පවතින අලුත්ම මූල්‍ය රෙගුලාසි සහ යුරෝ 13,000 කට අධික මූල්‍ය තැන්පතුව (Blocked Account) පෙන්විය යුතු නිවැරදි ක්‍රමවේදය පිළිබඳව ඔබ තවමත් අවබෝධයක් නොමැති නම්, ඔබ Airport එකෙන්ම ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇත.


Opportunity Card එක සඳහා ලකුණු ගණනය කරන ආකාරය, Blocked Account එකක් විවෘත කරන පියවර සහ 2026 අලුත්ම වීසා නීති පිළිබඳ සම්පූර්ණ සවිස්තරාත්මක මාර්ගෝපදේශය (Complete Step-by-Step Guide) අපගේ "පිටරට රැකියා" (Pitarata Rakiya) නවතම සඟරාවේ විශේෂාංග ලිපියෙන් කියවන්න.

Want to read more?

Check out our other articles and stay informed.

Browse All Articles